ඈත ඉතිහාසයේ සිටම මිනිසා වසින් පරිභෝජනය කර ඇති හතු හෙවත් බිම් මල් ස්වහාව පරිසරයෙන් ලද අපූර්ව නිර්මාණයක් ලෙස හැදින්විය හැක. පුරාණ ග්‍රීක ජාතිකයින්ගේ විශ්වාසය පරිදි හතු ණශූරයන්ට ශක්තිය සපයන ආහාරයකි. එසේම රෝමවරු ඒවා “දෙවිවරුන්ගේ ආහාර” ලෙස හදුන්වා ඇත. ශතවර්ෂ ගණනාවක් පුරා චීන සංස්කෘතිය හතු නිධානයක් ලෙස සලකන අතර වර්තමානයේ ලෝකයේ විශාලතම හතු නිෂ්පාදකයා වන්නේද චීනය වේ.
දිලීර විශේෂයක් වන ආහාරයට ගන්නා හතු ශාක හා සත්ව ආහාර වලින් ජෛව විද්‍යාත්මකව වෙනස් වේ. එළවළු වර්ගයක් ලෙස ආහාර කාණ්ඩගත කිරීමේදී වර්ගීකරණයට ලක් කර ඇති, නිර්මාංශික ආහාර වේලෙකට ඉතා වැදගත් අංගයක් ලෙස හතු හෙවත් බිම්මල් හදුන්වා දිය හැක. තුන්වන ආහාර රාජධානියකට අයත් කල යුතු යයි සැලකෙන, පොළොවට ඉහළින් වැඩෙන සාර්ව සූතිකාමය දිලීර වල ගෙඩි වන හතු ශතවර්ෂ ගණනාවක් පුරා ආහාර හා ඖෂධ යන දෙකටම භාවිතා කර ඇති බවට සාක්ශි පවති.
හරිතප්රද නොමැති දිලීරයක් වන හතු නිර්මාණය වන්නේ සොබාදහමේ දිරාපත් වන ද්‍රව්‍ය මතයි. අතීතයේදී ස්වභාවිකව වැවෙන හතු මිනිසා විසින් ආහරයට ගත්තද වර්තමානය වන විට හතු වලට පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන් එය වාණිජමය වශයෙන් නිශ්පාදනය කරයි. හතු වල ඇති උමාමි රසය මෙසේ පාරිභෝගික ආකර්ෂණය තවදුරටත් වැඩි කිරීමට හේතු වෙයි. ආහරයට ගත හැකි හතු විශේෂ 2,000 කට වඩා ස්වභාවධර්මයේ පවතින නමුත් ඉන් 22 ක් පමණ දැනට වගා කෙරේ. මිනිසුන්ට ඒවා නැවුම් හතු, ටින් කළ හෝ වියළන ලද හතු ලෙස වෙළදපොළෙන් මිලදී ගත හැකිය.
වර්තමානයේ හතු ජනප්‍රිය මෙන්ම වටිනා ආහාර වන්නේ ඒවායේ පවතින අඩු ශක්තිය, කාබෝහයිඩ්රේට්, මේදය හා සෝඩියම් ප්‍රමාණය හේතුවෙනි. එසේම කොලෙස්ටරෝල් රහිත ඒවා ප්‍රෝටීන, තන්තු, විටමින් සහ ඛනිජ ලවණ ඇතුළු වැදගත් පෝෂ්‍ය පදාර්ථ රාශියකින් යුක්තවේ. ඒ හැර ආහාරයට ගතහැකි හතු වල අඩංගු විවිධ ජෛව සක්‍රීය සංයෝග හේතුවෙන් විවිධාකාර සෞඛ්‍ය ප්රතිලාභ ද ඇති කරයි. මෙම හතු වල පෝෂණ අගය සහ රසායනික සංයුතිය , හතු වර්ගය, වර්ධන අදියර, වර්ධනය වන උපස්ථරය වැනි සාධක මතද, ගබඩා කිරීම, සැකසුම් කිරීම, ඉවුම් පිහුම් පිළිවෙත් වැනි පසු අස්වනු තත්ත්වයන් මතද රදා පවතී.
ඉතා ඉහළ තෙතමනයක් පවතින හතු වල එය 80% සිට 95% අතර පරාසයක අගයක් ගනී. ආහාරයට ගත හැකි හතු ප්‍රෝටීන වල හොඳ ප්‍රභවයක් වන අතර වියලි හතු1 kg තුල 200-250 g ප්‍රෝටීන් ප්‍රමාණයක් පවතී. එහි ඇති ප්‍රෝටීන වල අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල අන්තර්ගතය හේතුවෙන් ඒවා නිර්මාංශික ආහාර වේලකට විශිෂ්ට ප්‍රෝටීන ප්‍රභවයක් විය හැකිය. එසේම බොහෝ එළවළු වර්ග වලට වඩා වැඩි ප්‍රෝටීන් අන්තර්ගතයක් හතු වල පවතී. හතු ආශ්‍රිතව විශාල වශයෙන් නිපදවන ප්‍රෝටීන සහ ඒවයේ අඩංගු පෙප්ටයිඩ මගින් ප්‍රතිශක්තීකරණ ගොඩනැංවීම වැනි ජීව විද්‍යාත්මක ක්‍රියාකාරකම් සිදු කරන බව පරීක්ශණ වාර්තා මගින් තහවුරු වේ.
වියලි හතු 1kg ක් තුල 20-30g ලෙස මේදය අඩු ප්‍රමාණයක් පවතින බැවින් හතු අඩු කැලරි ආහාරයක් ලෙස සැලකේ. ලිනොලයික් (සී 18: 2), ඔලෙයික් (C18: 1) සහ පැල්මිටික් (C16: 0) හතු වල අඩංගු ප්‍රධාන මේද අම්ල වේ. ආහාරයට ගන්නා හතුවල ට්‍රාන්ස් මේදය නොමැති අතර අසංතෘත මේද අම්ල බහුලව පවතී. එබැවින් රුධිර ගත කොලෙස්ටරෝල් මට්ටටම පාලනය කිරීමටද යම් මට්ටමක දායකත්වයක් හතු වලින් ලබා දෙයි.වර්තමානයේ හතු ජනප්‍රිය මෙන්ම වටිනා ආහාර වන්නේ ඒවායේ පවතින අඩු ශක්තිය, කාබෝහයිඩ්රේට්, මේදය හා සෝඩියම් ප්‍රමාණය හේතුවෙනි. එසේම කොලෙස්ටරෝල් රහිත ඒවා ප්‍රෝටීන, තන්තු, විටමින් සහ ඛනිජ ලවණ ඇතුළු වැදගත් පෝෂ්‍ය පදාර්ථ රාශියකින් යුක්තවේ. ඒ හැර ආහාරයට ගතහැකි හතු වල අඩංගු විවිධ ජෛව සක්‍රීය සංයෝග හේතුවෙන් විවිධාකාර සෞඛ්‍ය ප්රතිලාභ ද ඇති කරයි. මෙම හතු වල පෝෂණ අගය සහ රසායනික සංයුතිය , හතු වර්ගය, වර්ධන අදියර, වර්ධනය වන උපස්ථරය වැනි සාධක මතද, ගබඩා කිරීම, සැකසුම් කිරීම, ඉවුම් පිහුම් පිළිවෙත් වැනි පසු අස්වනු තත්ත්වයන් මතද රදා පවතී.
ඉතා ඉහළ තෙතමනයක් පවතින හතු වල එය 80% සිට 95% අතර පරාසයක අගයක් ගනී. ආහාරයට ගත හැකි හතු ප්‍රෝටීන වල හොඳ ප්‍රභවයක් වන අතර වියලි හතු1 kg තුල 200-250 g ප්‍රෝටීන් ප්‍රමාණයක් පවතී. එහි ඇති ප්‍රෝටීන වල අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල අන්තර්ගතය හේතුවෙන් ඒවා නිර්මාංශික ආහාර වේලකට විශිෂ්ට ප්‍රෝටීන ප්‍රභවයක් විය හැකිය. එසේම බොහෝ එළවළු වර්ග වලට වඩා වැඩි ප්‍රෝටීන් අන්තර්ගතයක් හතු වල පවතී. හතු ආශ්‍රිතව විශාල වශයෙන් නිපදවන ප්‍රෝටීන සහ ඒවයේ අඩංගු පෙප්ටයිඩ මගින් ප්‍රතිශක්තීකරණ ගොඩනැංවීම වැනි ජීව විද්‍යාත්මක ක්‍රියාකාරකම් සිදු කරන බව පරීක්ශණ වාර්තා මගින් තහවුරු වේ.
වියලි හතු 1kg ක් තුල 20-30g ලෙස මේදය අඩු ප්‍රමාණයක් පවතින බැවින් හතු අඩු කැලරි ආහාරයක් ලෙස සැලකේ. ලිනොලයික් (සී 18: 2), ඔලෙයික් (C18: 1) සහ පැල්මිටික් (C16: 0) හතු වල අඩංගු ප්‍රධාන මේද අම්ල වේ. ආහාරයට ගන්නා හතුවල ට්‍රාන්ස් මේදය නොමැති අතර අසංතෘත මේද අම්ල බහුලව පවතී. එබැවින් රුධිර ගත කොලෙස්ටරෝල් මට්ටටම පාලනය කිරීමටද යම් මට්ටමක දායකත්වයක් හතු වලින් ලබා දෙයි.
ඊට අමතරව, ඒවායේ පවතින තන්තු , 𝛽- ග්ලූකන්ස්, හෙමිසෙලුලෝස් සහ පෙක්ටික් වලින් නිර්මාණය වී ඇත. මානව ප්‍රතිශක්තිකරණ පද්ධතිය කැපී පෙනෙන ලෙස උත්තේජනය කර ආරක්ෂා කරන 𝛽-ග්ලූකගන් මිනිසුන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වන්නේ වය්යාධිජනක ක්ශුද්රර ජීවීන්ගෙන් ද, ප්‍රතිශක්තීකරණ දුර්වල කරන පාරිසරික විෂ සහ පිළිකා කාරක වලින් ද ඇති වන හානිකර බලපෑම් වලින් ආරක්ෂා වීමටයි. එබැවින් ධාරක ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම තුලින් පිළිකා සෛල වර්ධනය වැළැක්වීම මෙහිදී සිදුවේ. පටක වල අණුක පදනම පිළිබඳ පුළුල් දැනුමත් පිළිකා ජනනය සහ පිළිකා පැතිරීමත් හා සම්බන්ධ නව සොයා ගැනීමුත් තුළින් පිළිකා ඇති කිරීමට එරෙහිව හතු ආශ්රිත ඖෂධ නිපද විම සදහා පරීක්ශණ සිදු කරයි.
ඇත අතීතයේ සිටම දේශීය වෛද්‍ය විද්‍යාවේදී හතු භවිතා කර ඇත. විශේෂයෙන් පාකින්සන්, ඇල්සයිමර්, අධි රුධිර පීඩනය, ආඝාතය වැනි තත්වයන් වැළැක්වීමට හා ප්‍රතිකාර කිරීමට හතු යොදා ගත් බවට සාක්ශි පවතී.ඖෂධීය කාර්යයන් 100 කට වඩා සිදු කරනු ලබන හතු ඉහත දැක්වූ කාරණා වලට අමතරව ඈසත්මිකතා වලට එරෙහි වීම, වාහිනී විස්තරනය කිරීම ආදී ගුණාංග ද පෙන්නුම් කරයි. මේ සදහා හතු වල අඩංගු ෆීනලික් සංයෝග උපකාරී වේ. මීට අමතරව, දියවැඩියා සහ පූර්ව දියවැඩියාව පාලනය කිරීමට දායක වීම, අස්ථි සහ මාංශ පේශි ක්‍රියාකාරිත්වය නිසි ලෙස පවත්වා ගැනීමට උදවු වීම, තරබාරුකම අඩු කර ගැනීමට සහ නිසි දේහ බර නඩත්තු කිරීමට ඉඩ සලසා දීම හතු හෙවත් බිම්මල් පරිභෝජනයෙන් අපට ලැබෙන තවත් ප්‍රයෝජන වේ.
එසේම ජෛව සක්‍රීය සංයෝග වලින් හෙබි ඇතැම් හතු වර්ග මිනිස් සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා යොදා ගන්නා ආහාරමය අතිරේක ලෙස පවතී. ආශ්චර්යමත් සංයෝග නිපදවන හතු පසුගිය දශකය තුළ ඖෂධ නිශ්පාදනය සදහා භාවිතා කිරීමේ ප්රවනතාවය වේගයෙන් වැඩි වී ඇති අතර මෙම හතු කුඩා ඖෂධ කර්මාන්තශාලා වලට සමාන බව විද්‍යාත්මකව තහවුරු කර ඇත.
තිරසාර ආහාර සැපයුමකට අනුකූල බිම්මල් ගොවිපළවල් වෙනත් කෘෂිකාර්මික අංශවල අතුරු නිෂ්පාදන ප්‍රතිචක්‍රීකරණය කරයි. වල් හතු රසවත් කෑමක් ලෙස සාදා ගත හැකි නමුත් සමහර හතු වල ඇති විෂ මගින් මාරාන්තික සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකිය. සමහර වල් හතු වල අධික ලෝහ හා වෙනත් හානිකර රසායනික ද්‍රව්‍ය අඩංගු වේ. මෙම අනතුරු වළක්වා ගැනීම සඳහා විශ්වාසදායක ප්‍රභවයකින් පමණක් හතු පරිභෝජනය කර යුතු වේ. එසේම කිසිදු ආහාරයක් අසීමිතව දීර්ඝකාලයක් ලබා ගැනීම සාමන්‍ය ආහාර වේලෙකදී කෙරෙන පරිභෝජනයට සමාන නොවේ. එම නිසා සෑම ආහරයක්ම ප්‍රමාණාත්මකව පමණක් ඔබගේ ආහාරය සැලැස්මට ඇතුළත් කර ගැනීම වඩා සුදුසු බව සඳහන් කළ යුතුම වේ.
✍️✍️ Stay Nourished✍️✍️ සුවැති දිවියකට පෝෂණීය මඟ
No comments:
Post a Comment