නිධන්ගත වකුගඩු රෝගයෙන් (Chronic Kidney Disease - CKD) යනු,
යමෙකුගේ වකුගඩු හරහා විය යුතු ක්‍රියාකාරකම් නිසිලෙස ඉටු කර ගැනීමට නොහැකි වූ විට ඔහු හෝ ඇය වකුගඩු රෝගියෙකු ලෙස නම් කරයි. එභිදී වකුගඩු වලට තව දුරටත් අපද්‍රව්‍ය හා රැධිරයේ ඇති අමතර ජලය ඉවත් කිරීමට නොහැකි වෙයි. මෙසේ මාස තූනක් ඉක්මවා පවතින වකුගඩු ක්‍රියාකාරීත්වයේ ඇණහිටීම හෝ ක්‍රියාකාරීත්වය ක්‍රමෙයන් අඩු වීම නිධන්ගත වකුගඩු රෝගය ලෙස හඳුන්වයි.
මෙම නිධන්ගත වකුගඩු රෝගය, වර්තමානයේ ශ්‍රී ලංකා සෞබ්‍යය පද්ධතිය මුහුණ දෙන බරපතළ අභියෝගයන් ගෙන් එකකි. ශ්‍රී ලංකාවේ උතුරු මැද හා ඌව පළාත් ආශ්‍රිතව බහුලවම පැවැති මෙම රෝග තත්වය වයඹ, නැගෙනහිර හා දකුණු පළාත් ආශ්‍රිතව වර්තමානයේ පැතිර යමින් පවතී. නිසි හේතුවක් නොමැතිව ඇති වූ වකුගඩු රෝගී තත්වයන් පසුගිය දශක දෙක පුරා බහුලව පැවති නමුත් දීර්ඝ කාලයක් පුරා පවතින නිසි ලෙස පාලනය නොකළ දියවැඩියාව හා අධික රැධිර පීඩනය හේතූවෙන් නිධන්ගත වකුගඩු රෝගය ඇති වූ රෝගීන් ද වර්තමානයේ සුලබව හමුවේ. තවද දීර්ඝ කාලීන වකුගඩු ප්‍රදාහය, ඇතැම් ඹෳෂධයන්ගේ අධි භාවිතය,මුත්‍රා ගල්, දිගුකාලීන ආසාදන, පුරස්ථි ග්‍රන්ථි ඉදිමීම් වැනි තත්වයන්ද මේ සඳහා හේතුවිය හැකිය.
නිධන්ගත වකුගඩු රෝගය ආශ්‍රිත සංකූලතා
මෙම රෝග තත්ත්වය හේතුවෙන් විවිධාකාර හානිකර ප්‍රතිඵල ලගාවිය හැකි අතර ශරීරයේ තරල එකතුවීමත් සමග සිදුවන අත්පාවල ඉදිමීම, රක්තහීනතාවය, හෘදය හා රැධිර නාල ආශ්‍රිත රෝගී තත්ව, ශරීරයේ වන කැල්සියම් , පොස්පරස් හා විටමින් ඩී අසමතුලිතතාවයන්ගෙන් ඇතිවන අස්ථි දුර්වල වීම්, රැධිරය තුල ගොඩනැඟුණු විෂද්‍රව්‍ය ඉවත් කිරීමට නොහැකි වීම නිසා ඒවා විෂ වීමෙන් ඇතිවන ඔක්කාරය,වමනය,කෑම අරැචිය,නින්ද නොයාම හා වෙහෙසකර බව ඉන් කිහිපයක් වේ. නිසි ආහාර කළමනාකරණයක් තුළින් ඉහත දැක්වෙන බොහෝ සංකූලතා මගහරවා ගැනීම මෙන්ම මෙම රෝගය උත්සන්න වීමේ වේගය ද පාලනය කර ගත හැකිවේ .
වකුගඩු රෝගී ඔබගේ ආහාර වේල විශේෂිත ලෙස සැලසුම් විය යුත්තේ ඇයි?
වකුගඩු රෝගියෙකු සදහා නිර්දේශ ආහාර සැලැස්මක් තුල ඇති අරමුණු වන්නේ,
➤එදිනෙදා කටයුතු වලට අවශ්‍ය ශක්තිය ලබා දීම
➤විවිධ ආසාදනයන්ට ගොදුරු වීමේ අවධානමට එරෙහි ප්‍රතිශක්තීකරණයක් ගොඩනැඟීම
➤ වකුගඩු වලට පැවෙරන අනවශ්‍ය කාර්ය ප්‍රමාණය අවම කර ගැනීම
වකුගඩු රෝගියෙකු සඳහා වන ආහාර සැලැස්මක් මගින් ඉහත අරමුණු සාක්ෂාත් කරගත හැකි විය යුතුවේ.
වකුගඩු රෝගී ඔබ ආහාරගත යුතු ආකාරය
රෝගයාගේ දේහ බර, වකුගඩු වල ක්‍රියාකාරී මට්ටම, රැධිර ගත අයන මට්ටම ඇතුලු අනෙකුත් ජීව රසායනික දත්ත, රෝගියා ලබා ගන්නා ප්‍රතිකාර ක්‍රම හා රෝගියා තුළ පවතින අනෙකුත් රෝග තත්ත්වයන් යනාදී කරුණු මත රෝගියාගේ ආහාර සැලැස්මේ අන්තර්ගතය තීරණය වෙයි. නිසි ආහාර සැලැස්මක් මගින් රෝගියාට අවශ්‍ය ශක්තිය,ප්‍රෝටීන හා ඛනිජලවණ නිසිපරිදි සපයනු ලැබේ.
· ✪ ප්‍රෝටීන
වකුගඩු රෝගියෙකු සදහා නිර්දේශිත ප්‍රෝටීන ප්‍රමාණය ඉහත දැකවූ සාධක මත පදනම් වේ. ඒ අනුව ඔබ කාන්දුපෙරණය(Dialysis) සදහා යොමු නොවූ වකුගඩු රෝගියෙකු නම් ප්‍රෝටීන බහුල ආහාර වන මස් වර්ග, මාලු, බිත්තර, කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන, රනිල බෝග වන කඩල, කවුපි, සෝයා, මුංඇට හා පරිප්පු සීමා සහිතව ලබා ගැනීම සුදුසු වෙයි. එහෙත් ඔබ කාන්දු පෙරණය සදහා යොමු වී ඇත්නම් එසේ ප්‍රෝටීන සීමා කිරීම අවශ්‍ය නොවේ.
✪ ඛනිජලවණ
වකුගඩු ක්‍රියාකාරීත්වයේ සිදුවන අඩු වීමත් සමඟ සිරැරෙන් ඛනිජලවණ බැහැර කිරීම නිසියාකාරව සිදු නොවේ.එමනිසා එදිනෙදා ආහාරපාන මගින් ලබා ගන්නා ඛනිජලවණ සීමා කිරීමට අවශ්‍ය වේ. වකුගඩු රෝගය හා ආශ්‍රිත ඛනිජලවණ අතරින් පොටෑසියම්, පොස්පරස් හා සෝඩියම් ප්‍රධාන තැනක් ගනී.
· පොටෑසියම්
ස්නායු ආවේග සම්ප්‍රෂනය හා මාංශපේශී ක්‍රියාකාරීත්වයට සෘජුවම දායක වන ඛනිජලවණයක් ලෙස පොටෑසියම් හඳුන්වා දියහැකිය. ආහාරපාන සමග ශරීරයට ලබා ගන්නා අතිරික්ත පොටෑසියම් ශරීරයෙන් බැහැර කිරීම වකුගඩු මගින් සිදු කරයි. රෝගී වකුගඩු මගින් මෙම කාර්ය නිසිලෙස සිදු නොවීමෙන් ශරීරය තුල පොටෑසියම් මට්ටම ඉහළ යාම සිදු වේ. එමගින් හෘද ස්පන්දනය අක්‍රමවත් වීම හා හෘදය අඩපණ වීම සිදු විය හැක. එමනිසා රැධිරයේ පොටෑසියම් මට්ටම ඉහළ අගයක් ගන්නා වකුගඩු රෝගීන් පොටෑසියම් අධික ආහාර වන කෙසෙල්, දොඩම්, අලිපේර, තැඹිලි, රටඉඳි, නෙල්ලි වැනි පළතුරු වලින්ද අර්තාපල්,බතල, මුරැංගා හා සියලුම පලා වර්ග වලින්ද කුරුට්ට සහිත ධාන්‍ය, රනිල බෝග, මෝල්ට් පාන හා චොක්ලට් වර්ග වලින්ද වැලකිය යුතුය.
පොටෑසියම් අඩු ආහාර ලෙස හැඳින්වෙන ඇපල්, මිදි, අන්නාසි, ගස්ලබු වැනි පළතුරු වර්ග ද පිපිඤ්ඤා,ගෝවා,පතෝල,ලීක්ස්,බෝංචි,ලූණු වැනි එළවළු වර්ග ද අහාරයට එක් කර ගත හැක.
· පොස්පරස්
මි නිස් දේහයේ දත් සහ අස්ථි නිර්මාණයට හා වර්ධනයට මෙන්ම ශරීරය වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන නිෂ්පාදනයට ද දායක වන පොස්පරස් ශරීරය තුළ දී පොස්පේට් ලෙස පවතී. රුධිර ගත පොස්පේට් මට්ටම ඉහළ යාම වකුගඩු රෝගීන් තුල දැකිය හැකි අතර එමගින් අස්ථි දුර්වලතා ඇතිවේ.
බැවින් පොස්පේට් අධික ආහාර ලෙස සැලකෙන මස්,මාලු,ඉස්සො,පොකිරිස්සෝ කිරි හා කිරි ආහාර,රනිල භෝග,නිවුඩ්ඩ සහිත ආහාර හා කෝලා වැනි සිසිල් බීම වර්ග පරිභෝජනයෙන් වැලකී සිටීම යෝග්‍ය වේ.
· සෝඩියම්
Stay Nourished- සුවැති දිවියකට පෝෂණීය මඟ