පිළිකාවක් (Cancer) යනු,
වරක් සිදුවන සෛලීය ජාන වෙනස් වීමකින් පසුව වර්ධන වන සෛලවල ජාන ප්‍රකාශනය හා ක්‍රියාකාරිත්වය වෙනස් වෙයි. අවසානයේ එය ශරීරයේ ඇතිවන ගෙඩියක්/ පටකවල අසාමාන්‍ය වර්ධනයක් (tumor) ලෙස දිස් වෙයි. මෙහි වන ස්වභාවය මත මෙය ශරීරය පුරා පැතිර යා හැකි පිළිකා සෛල ගොන්නක් ද (malignant tumor), නැතිනම් එම ප්‍රදේශයට පමණක් සිමා වූ (benign tumor) පිළිකා නොවන සෛල ගොන්නක් ද යන්න තීරණය වෙයි.
තවද සියලුම පිළිකා මෙසේ ගෙඩියක ආකාරයෙන් පිටතට දිස් නොවන අතර එවැනි පිළිකා රැධිරය, වසා පද්ධතිය හා ඇට මිඳුළු ආශ්‍රිතව ඇති වී ශරීරය පුරා පැතීරී යාහැකියි. එසේම පිළිකා වර්ග රාශියක් පවතින අතර පිළිකාවේ ආරම්භක පටක වර්ගය හා පිළිකාවේ පිහිටීම මත ඒවා වර්ගීකරණය කෙරේ.පිළිකා ඇතිවීම කෙරෙහි බලපාන සාධක
පිළිකාවක් ඇතිවිම සඳහා හේතුන් ගණනාවක් දායක විය හැකිය. ඒවා අභ්‍යන්තර සහ බාහිර සාධක ලෙස කොටස් දෙකකට වර්ගීකරණය කලහැක. පාරම්පරිකව ඇතිවන ජානමය හේතූන්, ශරීරයේ ඇතිවන හෝමෝන වෙනස්වීම් සහ ශරීරයේ ඇති වන ඇතැම් ආසාදන තත්වයන් පිළිකා සදහා වන අභ්‍යන්තර සාධක වන අතර අහිතකර කිරණ වලට නිරාවරණය වීම, කාර්මික විෂ රසායනික ද්‍රව්‍ය වලට නිරාවරණය විම වැනි පාරිසරික හේතුන් හා දිගින් දිගටම සිදු කරන වැරදි ආහාර පුරුදු, දුම් පානය, මද්‍යසාර පානය, ව්‍යායාම මදිකම, හා නාගරීකරණය සමග ඇති කර ගන්නා ඇතැම් අහිතකර චර්යාත්මක පුරුදු පිළිකා ඇතිවීම කෙරෙහි හේතු විය හැකි බාහිර සාධක ලෙස දැක්විය හැක.
පිළිකා සදහා හේතු වන වැරදි ආහාර පුරුදු ලෙස අධික ලුණු සහිත ආහාර හා ලුණු යොදා කල් තබා ගන්නා ආහාර, අධික තෙල් සහිත ආහාර, අධික සීනි සහිත ආහාර හා සකසන ලද මස් වර්ග (Processed meat) වල අධි භාවිතයත් ඉතා උණුසුම් ආහාර හා පාන වර්ග නිරන්තර භාවිතයට හුරු වීමත් එලවළු සහ පලතුරු ඉතා අඩුවෙන් සිය ආහාර වේලට එක්කර ගැනීමත් යන කාරණා පෙන්වා දිය හැක.මද්‍යසාර, දුම් වැටි හා බුලත් විට භාවිතය හැකිතාක් අඩු කිරීම, කෘතීම රසකාරක යෙදූ ආහාර, ක්ෂණික ආහාර, සැකසූ මස් වර්ග ආශ්‍රිත නිෂ්පාදන භාවිතය හැකිතාක් අඩු කිරීම යන කාරණාත්, නැවුම් එලවළු හා පලතුරු හැකිතාක් අනුභවය සඳහා එක් කර ගැනීමත් මෙම පිළිකා වර්ධනය වීමේ අවදානම මඟ හරවා ගැනීමට දැනට ඇති හොඳම ක්‍රියා මාර්ගය වේ. මේ අනුව ගත්කල පිළිකා යනු අතිශය වළක්වා ගත හැකි රෝග තත්ත්වයක් ලෙස හැඳින්විය හැක.
ආහාර අරුචිය (Loss of Appetite)
ආහාර අරුචියෙන් පෙලෙන රෝගියෙකුට කුඩා ආහාර වේල් නිරන්තරයෙන් ලබා දීම, රෝගියාගේ කැමැත්ත පරිදි ආහාර තෝරා දීම, ශක්තිය හා ප්‍රෝටීන බහුල ආහාර වැඩි වශයෙන් ආහාර වේල් සදහා තෝරා ගැනීම, සෙමින් ආහාර ලබා දීම හා රෝගියා ස්ව කැමැත්තෙන් ආහාර ගන්නා විටදී වැඩි ආහාර ප්‍රමාණයක් ලබාදීම, සරල ශාරීරික ක්‍රියාකාරකම් දෛනික ජීවිතයට එක්කර දීම, ආහාරත් සමග ජලය වැඩි වශයෙන් ලබා නොදී ආහාර වේල් දෙකක් අතරදී ජලය ලබා දීම වැනි දෑ සිදු කල හැක. මීට අමතරව අතිශය දුර්වල ආහාර රටාවක් පෙන්වන රෝගීන් සඳහා සුදුසු කම් සහිත පුද්ගලයෙකු ලවා නිර්දේශ කර ගත් ආහාර අතිරේකයක් නියමිත මාත්‍රාවෙන් ලබා දීමත් පිළිකා රෝගීන්ගේ ආහාර අරුචිය මඟහරවා දෛනිකව ලබා ගන්නා ආහාර ප්‍රමාණය ඉහළ නංවාලීම සදහා දායක කර ගත හැකිය.
ඔක්කාරය හා වමනය (Nausea & Vomiting)
ප්‍රතිකාර ලෙස කීමෝතෙරපි (Chemotherapy) හෝ රේඩියෝතෙරපි (Radiotherapy) ලබාගන්නා රෝගීන් අතර සුලබව දක්නට ලැබෙන වමනය හා ඔක්කාරය හේතුවෙන් රෝගියා විජලනය වීම හා ආහාර අප‍්‍රියතාවක් ගොඩනැඟීම හේතුවෙන් දෛනිකව ලබා ගන්නා ආහාර ප්‍රමාණය අඩු වෙයි. එසේම යම් යම් ආහාර වර්ග කෙරෙහි තද බල අප්‍රියතාවයක් ගොඩ නැඟීමත් මේ සමඟම සිදු විය හැකි අතර මෙකී සියලු කාරණා තුලින් අවසානයේදී රෝගියා මන්දපෝෂණ තත්ත්වය කරා යොමු කෙරෙයි.එසේම ප්‍රධාන ආහාර වේලකින් පැයක් පමණ ගත වන තුරු ඇඳ මත වැතිරීම සිදු නොකිරීමට වගබලා ගැනීමද අතිශය වැදගත් වේ.
මුඛයේ හා තොල් වල ඇති වන වියලි ස්වභාවය (Dry mouth)
මුඛයේ ඇති වන වියලි ස්වභාවය රෝගියාගේ ආහාර ගැනීමේ සීග්‍රතාවය අඩු කිරීමට සෘජුවම බලපායි. එබැවින් සුප්, සෝස්, ක්‍රීම්, බටර්, මාගරින් වැනි දෑ ආහාරයට එක් කර ආහාරයේ තෙත ගතියක් හෝ තෙල් ගතියක් ඇතිකිරීම මඟින් මුඛයේ තෙත ගතිය රඳවා ගැනීම මෙන්ම ආහාරයේ රසයද වැඩිදියුණු කළ හැකිය. තවද කොමඩු, අන්නාසි වැනි ජලය සහිත ආහාර වර්ග වැඩි වශයෙන් ආහාරයට එක් කර ගැනීමත්, ජලය හෝ වෙනත් දියර වර්ගත් (උදා: පළතුරු යුෂ), අයිස් චොක්, කිරි, පුඩින්, යෝගට්, ජෙලි හා අයිස් ක්‍රීම් වැනි අර්ධ ඝන ආහාරත් රෝගියාගේ කැමැත්ත පරිදි නිරන්තරයෙන් ආහාරයට එක් කර දීමෙන් මුඛයෙහි පවතින වියලි ස්වභාවය මඟහරවා ගත හැකිය.මෙවැනි අවස්ථා වලදී මිරිස් අඩු, මෘදු ස්වාභාවයෙන් යුක්ත ආහාර වන තම්බා පොඩි කර ගත් අල, සුප් වර්ග, කැඳ වර්ග, යෝගට්, කස්ටඩ්, පුඩින්, අයිස් ක්‍රීම්, මිල්ක්ෂේක්, තැම්බූ බිත්තර යනාදිය ආහාරයට ලබාදිය හැක. එමෙන්ම උණුකර නිවා ගත් ජලය පානයට සැලස්විම ද වඩා සුදුසු වෙයි.
තවද දියර වර්ග පානය කිරීමේදී බටයක් ලබා දීම මඟින් පානය මුඛය තුල තැවරීම අවම කර ගත හැකි අතර නිතර කට සෝදා පිරිසිදුව තබා ගැනීමද මෙම තුවාල ඉක්මනින් සුව කර ගැනීම සඳහා වැදගත් වෙයි.
ගිලීමේ අපහසුතාවය (Dysphagia)
ගිලීමේ අපහසුතාවයකින් පෙළෙන පිළිකා රෝගීන් හට හොදින් තම්බා පොඩි කර සදා ගත් අර්ධඝන ආහාර (Semisolids) හෝ උකු දියරක් ලෙස සාදාගත් සුප් වර්ග හා කැඳ වර්ග එදිනෙදා ආහාර වේල් සඳහා යොදා ගැනිම වඩා සුදුසු වේ.
මලබද්ධය හෝ පාචනය (Constipation or Diarrhoea)
මලබද්ධය හෝ පාචනය යනු පිළිකාව හා ඒ ආශ්‍රිත ප්‍රතිකාර සමඟ මතුවන තවත් අතුරු ආබාධ තත්ත්ව දෙකකි.
මලබද්ධය :තන්තු බහුලව පවතින ආහාර වන නිවුඩ්ඩ සහිත සහල්, ධාන්‍ය වර්ග, එලවළු හා පළතුරු, රනිල භෝග සහ කැෆේන් රහිත කාබනිකෘත නොවන පාන වර්ග වන පළතුරු යුෂ සහ එළවළු සුප් මෙවැනි අවස්ථාවකදී රෝගියාට ලබා දීමට සුදුසු වන අතර වැඩිපුර ජලය පානය කිරිමද අනිවාර්ය වේ.
පාචනය: තෙල් මිරිස් සහිත ආහාර වලින්ද අධික පැණිරසක් සහිත ආහාර වලින්ද වැලකී සිටීම සුදුසු වෙයි. වැඩි වශයෙන් ජලය හෝ වෙනත් දියර වර්ග පානය කිරීම යෝග්‍යවෙයි.
සාමාන්‍යයෙන් පිළිකා රෝගීන් හට ශක්තිය හා ප්‍රෝටීන බහුල ආහාර වේලක් ලබා දිය යුතුවේ. නමුත් පිළිකාවේ පිහිටීම, පිළිකාව පැතිර පවතින මට්ටම සහ ප්‍රතිකාර ක්‍රමය යන සාධක මත එහි යම් යම් වෙනස් කම් සිදු කල යුතුවේ. මීට අමතරව ඉහත දක්වා ඇති පරිදි රෝගියා පීඩාවට පත් කරමින් රෝගියාගේ පෝෂණ තත්වය පහල හෙලීමට හේතුවන කාරණා ද සලකා බලමින් ඒවාට පිළියම් යෙදෙන පරිදි මෙම ආහාර රටාව සකසා දීම වඩාත් ඵලදායී වෙයි.✍️✍️ චංචලී හිමාෂිකා
ආහාර හා පෝෂණවේදිනීStay Nourished- සුවැති දිවියකට පෝෂණීය මඟ